ඒ තමයි අපි වැඩුව ප්‍රේමේ

 



සහස් ගව් දුර ඇවිද යන මඟ ඔබේ අත නැති පාළුවේ

හිඩැස පුරවන මතක අවුළන ආදරේ පිරි ඇස් මැවේ

එහෙත් තව දුර තනිව යන්නට බැරි බැවින් මට සීරුවේ

මතක දිග හැර කවක අමුණමි නැවතිලා හුදෙකලාවේ

 

අතු පතර දිග සුවඳ හල හළ මලින් පිරවූ අපේ ප්‍රේමේ

සේද මීදුම් වලාකුළු සේ පාව ගිය හැටි ඔහේ හැල්මේ

හදක මුල් ඇද වසාගත් පසු සිඳලුවත් හිස ගසක වැස්මේ

මුදුන් මුල හදවතක පතුලෙයි ඒ තමයි අපි වැඩුව ප්‍රේමේ




Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement