බැමි ලෙහා ගෙන නුඹම ගිය
පසුත් මගෙ හිතේ
හිනාවක් ඉඳහිටක නැත්තෙමත්
නෑ ලඳේ
වැහි බිඳක් වත් නැතිව වියලුනත්
දස අතේ
ඉඳහිටක කටු අතර පතොක් මල්
බෝ පිපේ
මහ අකුණු සුළි සුළං දරණ
නැවකට වගේ
හිතක දිරි නොමැති මුත්
ගිලෙන්නට බෑ ලඳේ
මහා රළ එකින් එක ඇවිත්
හැපුණත් බඳේ
මුහුද යට නොනැවතී කොරල්
මල් නිති පිපේ
උහුලන්න බැරි තරම් රිදුම්
දී හදවතේ
පහසු පියවර තබා ඔබ ගිහිපු
මාවතේ
ඉනාවට මඟක් ඇත එය බදා ඉමි
ලඳේ
පියවරක යට රැඳුණු වැලි
ඇටෙත් මට අගේ
© විශ් | The Dreamer
0 Comments