ආයේ හමුවෙයි පින්වතී ...



මතින් අඩවන් බමන ඇස අග දුවන නවතින පුදුමැතී

විරහ සැර පිරි දුක් ඔඩම් වල හිනාවෙන නිල් ඇස් ඇතී

කඳුළු බිඳුවක බර දැනෙන විට හාදුවක් ඔබ හිතවතී

හැමදාම කවියට ආදරේ ඉස පෙමින් තෙත් කල පෙම්වතී

 

ආල වැඩි තැන් හෙමින් අතගා රිදුම් කැන්දන මුදුමතී

ආදරේ මහ කන්ද මැද නිති හිනාවක් ඔබ හසවතී

මතක මලු වල ආලයේ බර පුරවලා අද ළඟ නැතී

ළඟ නැතත් ඔබ ළඟම මයි මගෙ හීන ඇහිඳින සඳවතී

 

එළිවැටක හිඳ කවිය හැඩ කර අකුරු ඇද කල කිවිපතී

සුසුම් රළ ඔබ කඳුළ වියලන හාදු අමතක තොල් පෙතී  

කඳුල මුත් ඔබ සිනාවත් ඔබ දන්නවද මගෙ හසවතී

පව් කළත් අපි අහිමි වන්නට ආයේ හමුවෙයි පින්වතී 

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement