කවියෝ කවි කීවාට
කලා සොළසම හැඳින....
පුර හඳක් දවසකට
සඳ එළිය ආදරේ පෙරුවාට...
ඇස් රැසින් අඩවන්ව වැසුනාට ....
ලෝකෙටම පෙනෙන්නට
කොහොම නම් කරන්නද
“පුර” හඳක් ... පෙම රති ලෝල....
අටවක දවසකට
අඩ අඳුර මැව්වාට ....
මඳ එළිය හෙමිං රහසින් පැමිණ
රස රහස් කිව්වාට ....
තරු බලං ඉන්නකං
කොහොම නම් ලබන්නද
“අටවක” හඳක්.... පෙම රති ලෝල...
අමාවක දවසකට
අඳුර මැද හඳ තනිව....
වැහි වළා සළුව ගෙන
තරු සිදුරු වැසි රෑක...
සතර දිග පැතිර ගිය
විරහ පිරි අඳුර මැද.....
රහසේම.... රහසේම....
ලබනවා වෙන්නම බැරිද....
“අමාවක” හඳක් පෙම් රති ලෝල....
(පාද සටහන - ලෝකෙටම ආදරේ බෙදන හඳක් ආදරය විඳින්නේ කවද කොහොම වෙන්න පුලුවන්ද? ඔබට එහෙම හිතිලා නැද්ද..? ඔබ හිතන්නේ පුර පෝය දවසට.. නැත්නම් අටවක දවසට කියලද? නැතිනම් අමාවක අඳුර මැද සඳක් පෙම විඳිනවා වෙන්නම බැරිද ? මේ මට හිතුන හැටි...)
0 Comments