ගිණි ගහන කතරකට සෑහෙන්න පුලුවන්ද...?





ඉඳහිටෙක පොද වැස්සේ තෙමුණාට ....

ගිණි ගහන කතරකට සෑහෙන්න පුලුවන්ද...?

කපකට පසු වහින මේ හාදු “අක් වැස්ස”...

වාන් බිඳගෙන ගලන .... අකුණු පුපුරා දැනෙන....

 

වත මඬල හී මල් අහුරු ලා වැපිරෙන්න  ...

සියොළඟම ආදරෙන් වෙව්ලන්න...

ඇස් කෙවෙණි අඩවන්ව මත් වෙන්න ...

මොනවදෝ අයැදිමින් වෑහෙන්න .....

 

දිගම දිග සුසුම් වල අලගු සලකුණු වෙන්න...

කොච්චරක් පුලුවන්ද..? හුස්ම අල්ලන් ඉන්න...

පුදුමයක් තමයි මේ... කලින් මම නොම දන්න ...

හාදුවක තෙත බරද මේ තරම් දියවෙන්න ....

 

සුරත් බඳුනක පිරෙන මධු බිංදු රස බොන්න ...

සංසාරය තරම් දිග හාදු තවරන්න....

හැඟුම් ගඟ කලතන්න...

උණු සුසුම් රැළි මෙන්න.....

 

දඟකාර සැපුම් මැද තරඟයකි, නොනවතින....

අරුමයකි මොනවදෝ මුවින් මුව මාරු වන ....

රස උරණ හටන මැද පළිහක්ව ඇණ වෙන්න ....

නහය වත් එන්නේ නෑ හැප්පෙන්න ....

මෙතැන අපි විතරමයි, එන්න තව ලං වෙන්න ....

අහස් ගඟ සතපමින් සනසන්න.... සැනසෙන්න....

 

ආදරේ පොකුණ මැද උණුහුමින් බුබුළු ලන ..

සරාගික තිසර පොව් සිහිනයෙන් ඇස් හරින....

සුමිහිරිම ගැයුමක්ව විල්ලුද පලසක වැයෙන....

මධු සඳෙන් ආදරේ නොනැවතී වෑස්සෙන .... 


(පාද සටහන - ස්ත්‍රී පුරුෂ සම්භෝගය තරම් සුව දෙන යමක් මිහිපිට අන් කොහි වෙත්ද... එකිනෙකා හා දැඩිව බැඳුණු යුවළකගේ බොහෝ කලකින් වන හමුවීමක ප්‍රහර්ශයයි  මේ ...)


Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement