හිස් අහස් ගඟ දිහා
ඔහේ බලන් හිටියාට...
ඉරක් ගැන ඔය තරම්
පෙරුම් දම් පිරුවාට...
තරුව..! නුඹ ඇස් කඩන් ආදරේ බෙදුවාට...
දන්නේ නැති කතාවක්
තියනවා හැමදාම..
රෑ මැදක අඳුරු
වුන විසල් අහසක කොනක
විඩාබර ඉරක් ඇත
එළිය දී ගිම් නිවන...
ඉර නිසා සැනහෙන්න
“සඳ”ට පින තිබුණාට...
අමාවකටත් හිටියේ
නුඹේ තරු ඇස නේද...?
ළඟට විත් ආදරෙන්
බදන් ඉන්නට බැරිව...
හැමදාම දුරට වී
සෙනේ පුදමින් තැවෙන....
“සඳට” රහසින් ඇවිත්
ඉරක් පෙම් කරන වග...
තරුවකට දැනෙන්
නැති එක තමයි ලොකුම පව...
විශ් | The Dreamer
0 Comments