අඳුරු වැහි බීරමක් බිම ඉඹින අලුයමක
කවුලුවට ඇහැ තියන් මම තවම සිහිනයක
කණට කොඳුරා ඇසෙන ඔබෙ සුසුම් මුදු සරෙක
අහිමි අත් දුවන හැටි හීනයෙන් බඳ වටෙක
සුදු පාට මල් පොකුර තවම නිදි හීතලක
බටිත්තන් නිදි අන්න තටු අතර උණුහුමක
හැඟුම් ගඟ කැලතිලා, දැනෙනවද අප මතක
කට්රොලක් ඇහැරිලා කලුවරම අළුයමක
©විශ් | The Dreamer
0 Comments