නුඹ මතම මියෙන්නෙමි.....

 





ගිම්හාන සෘතුවේ සීතල රැයක

නොස්ටැල්ජියානු කවියක හමු වූ

උතුර උතුරා පෙණ නගින

දුඹුරු පැහැ බීර ඔඩම

 

බැල්මෙන් බැල්මට ඇවිලෙන

අතැගිලි තැන් තැන් පටලන

ළමැද මෝදු වූ දෙකැකුලු පොඩි

උරාගනු රිසිය එක හුස්මට

 

තෙත් කළ හැකිය ඉක්බිති

ප්‍රියයාණ ..නුඹගේ

මී පැණි පැහැති උරහිස්.

සන් තැබිය හැකිය එවිට

රිදුම් කෙදිරුම් නොතකාම

 

මග වැරදී වුව

සැරි සැරිය යුතුමය

පැතලි ඉඟ හරහා

මුදුව හා මුරණ්ඩු ව.

සුරතල් කළ හැකිය එවිට

ඇපලෝගේ අනඟ ලක්ෂය….

 

ප්‍රියයාණ ..!

තොලගාමි…

උතුර උතුරා පෙණ නගින

බිඳෙන් බිඳ ගිණියම් ව

සියොලඟම ගිණි වදින

දුඹුරු පැහැ බීර ඔඩම….

 

හිස් කරමි….

තෙත්බරිතව මත්ව දිව යමි…

ඉවරයක් නොවන රාත්‍රීය පුරා

නොනිමි හැඟුමන් අවුලුවමි….

 

ඉතින් …

නුඹේ දෑසේ දැල්වෙන

ආහ්ලාදමය ප්‍රහර්ෂයෙන් මත්ව

ක්ෂතියක් ව පුපුරා යමි..

වැතිරෙමි ..

නැවත නැවතත් නුඹ මතම

මියෙන්නෙමි.....


(හාවියක් ලියු කවි )




Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement