ආදරෙ කවුරුන්ද සඳ නිදන අමාවක දාට
ලෝකෙම ආදරෙයි හඳ පිරෙනා පුරහඳ දාට
සඳ රැස් හාත්පස පිරුණත් එක දවසකට
එදා සිටන් අත වනනවා සඳ අවපසට
සිහින තිබුණා තමයි තුරුළුව සැනහෙන දවසකට
හැමදා හිතින් දැක්කත් ආදර සුබ හීන
සැබෑ වෙන්න සිතින් පෙරුම් පිරුවාට
හීන තරම් ඇත්තට හැඩ නැහැ නේද
අලුත් පොතක ලියමුද ආපහු හීන
සංසාරයේ අප අපගෙම වෙන දිනක
සිහින මළු ලිහමු තුරුළුව එක සයනයක
©විශ් | The Dreamer
0 Comments