මුව වසා තදින්
...
ගයතියි බියෙන්
මියුරු ගී සර ...
ඇස් වසා තදින්
බල’තැයි නෙක විසිතුර....
මුකවාඩම් ලා හිරට
ඉව කරතියි
මකරන්ද සුවඳට ....
යදම් ලා බැඳ තබාගෙන
ඇවිදිතියි ලෝකයම
විනිවිද .....
ප්‍රේමයම මේ යයි...
"නුඹ මගේ" යයි...
පුන පුනා....
දත් විකා .....
අඩි ගසා පොළොවට
තදට ....
පහදනා ප්‍රිය හිමිය....
කරදාසි වල ලියා....
හණ ගසා, මගේ යයි
කියා.....
මුර ගගා ලෝකයට ..
ඔබට අත්පත් කරගත හැකිය...
දේහය .....
එය නොවෙයි ප්‍රේමය...
සඳ එළිය යට නටන,
කොඳ පිපෙන මුදු
රැයෙක ....
කුරුළු කූජන වැයෙන,
ප්‍රභාමත් අරුණකට.....
දස දෙසම හමා යන
සිසිල දෙන මදනළක
....
පැතිර ඇති ප්‍රේමයට
කොහොම වැට කඩුලු බඳින්නද...?
ඔබ ...
බමන රකුසෙකු ලෙස පැමිණ,
ඔබ මා පෙළන හැම රෑම...
තුටු කඳුළු යයි
සිතා ,
ඔබ හිතින් උදම්
වන....
මගේ කඳුළ නිවන්නට
.....
මකරන්ද රොන් රැගෙන.....
මුදු හාදු තවරගෙන....
සඳ කෙමි මතින්
පැනගෙන....
හිත පතුලට වඩින
සිහිනයේ කුමරුන්ට
....
ඔබ කුමක් කරන්නද...?
සුරන් නැළවෙන...
මත් බිඟුන් කොඳුරන.....
අහසටම පා වෙමින් මා විඳින..
මධු සඳේ සිහිනයෙන්
මා ඇහැරන්න .....
හිමියෙනි ...
ඔබට....,
ඔබේ මුරකාවලට....
ඉතින්පු තව පුලුවන්ද ....?
©විශ් | The Dreamer
(පාද සටහන - ප්‍රේමයෙන් මුසපත්ව සෙනෙහස පතන, විලංගු ලෑ බිරියකගේ හැඟුම් ස්වරය...)
0 Comments