පෙරුම් පුරලාම.....
බලනතුරු කණ කැසුබු
අහස් කුස....
දහස් නෙත් වසන්
කොට,
කල්පයකින් මුණගැහුනු
.....
ඇසට ඇස...
මුවට මුව....
ඉවසුමේ බැමි මුදා
.....
හසඟනන් පවා ඉගිලුන
සොබා....
පුදුමයක්....!
උණුහුම්ම දවාලක..,
තුරුල්ව නොනිවෙන
තරම්....
ඒ හැටිම හීතලක්....?
සියොළඟම තෙම තෙමා,
වසින මුදු හාදු
කැටි...
නැගෙන නෙක සිනා
පෙති...
මොනවදෝ හොයා හොයා
දුවනවා ඇඟිලි නිති....
මුදු සැපුම්...
දත් වැදුම් ......
කන් විකුම්....
සොඳුරු නිය සීරීම්.....
වරින් වර සලිත
කොට,
මවන එළි අකුණු
මල් ....
පැය තුනක හතරක,
පෙමාතුර රැඟුම්
අවසන.....
මනලෝල හැඟුම් මැද....
ඔබ තබා ගිය රති
ලෝල මතක මල්,
සියොළඟම....
එ සුරත් මල් නොදොවාම
සුරැකීමි.....
හාදු වැසි සිහින
මැද....
නෙත් වසා තනි වීමි....
රම්බරිය....
තඹුරු පෙති දෙතොල
ගෙන,
කොඳ කැකුළු දසන්
ගෙන...
එනවාද ආයෙම
විගස,
පොබයන්න .....
මැකෙන්නට පෙර මතක.....
©විශ් | The Dreamer
(පාද සටහන - ස්ත්‍රී පුරුෂ සම්භෝගයේ ප්‍රහර්ෂය සියොළඟ ඇය තබා ගිය හාදු මතක මල් අතර පීරමින් සොයන, මැකෙන මතක මල් ආදරෙන් සුරකින පෙම්වතෙකුගේ හැඟුම් ස්වරය...)
0 Comments