ආසා නැතුවා නෙවෙයි සං...., මං....

 


ඔබ එහෙම හිතුවාට ....

ආස නැතුවා නෙවෙයි සං, මං....

 

හරිත සුව මිටියාවතක...

කොළ පාට මීදුමක ....

දෑත් විහිදන් දුවන .... හැංගිමුත්තන් කෙළින...

පුංචි කෙල්ලෙකුත් ඉන්නවා මං ළඟ...

 

ඔබ එහෙම හිතුවාට ....

ආස නැතුවා නෙවෙයි සං, මං....

 

පපු යහන මත නිදන් ....

අහස් ගඟ කිමිදෙන්න....

නිල් අහස පහදන්න... තරු කඩන් පළඳන්න...

වලාකුළු අතින් ගෙන.... අපේ යහනත මවන...

පුංචි කෙල්ලෙකුත් ඉන්නවා මං ළඟ...

 

ඔබ එහෙම හිතුවාට ....

ආස නැතුවා නෙවෙයි සං, මං....

නිල්පාට කඳු හිසක....

හීතලම නිමේෂය....

ඔබේ උරහිස බදන් .... කන්ද උඩටම යන්න...

මෙතෙක් නොවිඳපු නිම්න වල සුව....

වෙව්ලමින් නතු වෙවී..... හද පුරා විඳගන්න.....

පුංචි කෙල්ලෙකුත් ඉන්නවා මං ළඟ...

 

ඔබ එහෙම හිතුවාට ....

ආස නැතුවා නෙවෙයි සං, මං....

 

ඒත්...

බොඳ වෙච්ච ඇස් වලට... නාය ගිය හදවතට...

ආයෙමත් ...,

තනි වෙන්න බයයි මං... සං.....,

අඳුරු ඝන මීදුමක...

නිසල හිස් අහසක .....

පාලු උස කඳු හිසක....

ඔබ නැතිව....

තනි වෙන්න බයයි මං... සං.....

 

ඔබ එහෙම හිතුවාට ....

ආස නැතුවා ම නෙවෙයි සං, මං....


(පාද සටහන - හද පුරා ගලන හැඟුම් ගඟ කිමිදී සැනහෙන්න දෙගිඩියාවක සැලෙන පෙම්වතියකගේ හදවතේ හඬ...)

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement