කළුව පොරවන් අඳුර ඇවිදින.....
සඳත් නැති රෑ
තරුත් සැඟවෙන...
කවුළු හැරගෙන
දෑත විහිදන් .....
කවුද ඇවිදින්
මාව ඇහැරන....
කඩුපුලක සුව
පුසුඹ ගෙන....
වැට්කොලෙක මත්
සුවඳ ....
හරිම අනුපාතයට
.....
මවන
අනුරාගයට....
ඉව කරන තිසර
තුඩු.....
නවතම්ද අතින්
මම.....?
හැඟුම් වල හැඩ
වලට...
වරින් වර...
තැනින් තැන....
සියොළඟම....
හීගඩු මල්
පිපෙන....
කෙමි පැණින්
පුරවගෙන...
අනුරාව
උල්පතකි...
නොනැවතී පැන්
ඉසින...
අහෝ...
හැමදාම පෙර
නිදන....
"උයන්පල්ලා"
නුදුටු මේ හැඩ ....
නිදි වරන....
මඟ බලන,
බැරිම තැන
හැමදාම.....
සිහින්
රතැඟිලි තුඩින්,
මගේ මල් මම
නෙළන....
පුදසුනට
පෙර... මඟ ම ....
මියැදෙන්නෙ
"පිං" නැතිව.....
©විශ් | The Dreamer
(පාද සටහන - අනුරා පවසින් පීඩිතව සෙනෙහසේ උණුහුමට ඉවකරන විප්‍රවාසී බිරිඳකගේ හද වෙණෙහි රිදුම් ස්වරය...)
0 Comments