අමාවක දවසටත් ලස්සනයි
මේ අහස...
හඳේ හැම කලාවෙම
තියෙනවා ඒ රහස...
හැබැයි මම ආසාම
අද වගේ දවසකට...
සුදු හාවී, ඔබ
පෙනෙන පුර පෝය හඳ දාට....
ඉවසන්න කීවාට සැනහෙන්න
යම් දිනක
කොච්චරක් පුර පෝය
තව ඉන්න ඕනෑද...?
තෙළෙස්වක,
තුදුස්වක තව කලා කොච්චරද...?
ලේසි නෑ ඉවසන්න
කවියෙකුගේ තෙත හිතට ...
කප්පරක් ඉවසලා
හඳ පිපුණි එක රැයෙක...
මකරන්ද සුවඳ පැන්
ඉහිරිලා හැම තැනම ...
සඳ කෙමි, වැස්සක්ව
ගලනවා ඇහැ දිගට ...
මඟ බලන් හිටියාට
හඳ හාවී නෑ එතැන ....
කවියෙක්ව එල්ලලා
හඳ එළිය යට ගහක
මල් නටු වලින්
ඇන ආදරේ දැයි අහන...
කොච්චරක් වාරු
නැති වුණත් ඒ හිත් මලට
නරකක් හිතන්නට
සිහිනයෙන් වත් හැකිද..?
නොනැවතී
වේගයෙන් කැරකෙනා ලෝකයක
පුර හඳක හැමදාම
හාවියක් පෙනේවිද ....?
මම වගේ ඇයත් ඇති
තුං හිතම මගේ කර
හීතලෙන් තනියේම
කළුවරේ අනිත් පස ...
ඇය වඩින පුර හඳක්
ආයෙමත් ඒවි හෙට....
එතෙක් ඉවසන්න නම්
මී බිඳක් ඕනෑය
අපි හිතන හැමදේම
ඉටුවෙන්නේ නෑ නේද...?
මචං, හීනයක් කියන්නෙම
හීනෙකට ....
©විශ් | The Dreamer
0 Comments