එහෙම බැලුවම මේක මහම මහ කරුමයක් ....

 



ආදරේ බෙදා බෙදා රස ඉහිනවා වුණත්
ගීයකට මුත් ඉතින් තියෙනවා යාමයක්
රැය පුරා ලොව නිවන පිරිත් මඩුවක වුණත්
ආටානාටිය කියන්නත් තියෙනවා හමාරක්

හැමදාම කොහේ හරි මල් පිපෙනවා වුණත්
වසන්තෙක තියනවා මල් මවන ආලයක්
ගිම්හානයක මැදක පිපෙන කුරු මලකට වුණත්
කියන්නට තියෙනවා දුකම පිරි කතාවක්

විඩාබර ඔය හිතේ දුක දැනෙනවා වුණත්
දැවටිලා ළඟ ඉඳන් නිවන්නට ඕනේ මුත්
කවදාක වත් බැරිය ළඟට එන්නට ටිකක්
එහෙම බැලුවම මේක මහම මහ කරුමයක්

©විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement