හැමදාම මහ උදේ
එකවගේ පෑයූ
බිඳක්වත් අඩු නැතිව
රැස් ලලා කීදූ
එකෙක් කවදා වෙත්ද
ආදරෙන් බලපූ
ඉරක් හින්දා හොඳයි..
දුක් කන්ද විඳපූ
එක එක දාට නෙක
හැඩේ මවාගෙන ඉඳපූ
පංගුවක් දවස්වල
රැස් බිඳක්වත් නොහෙළු
ඒ වුණත් ලෝකයම
පණ පුදන් ආදරෙන් බදපූ
කළා පිරි පුරහඳට....
සම කෙරෙති ලන්දූ
©විශ් | The Dreamer
0 Comments