දෙතන කළසට දෙමින් තාලය
තබ්ලාව මත උඩම
පැන පැන
රාග සරින්... තාල
වයන ...
ඇවිලුණු තැන් තලා
නිවන
දුවන නටන ,
යලි නැවතෙන
දෙව්සුව දෙන අතැඟිලි
ලඳ
ඇදුරුතුමිය ප්‍රේමයේ
.....
බඳට සරිවු වයලීනය
මුදු කොපුලට සිරව
වයන
නුරා මධුර අම නාදය
ඇස් පියවෙන ...
ගිණි ඇවිළෙන...
සියුම් සරින් තත්
පිරිලන
දෙව්සුව දෙන අතැඟිලි
ලඳ
ඇදුරුතුමිය රාගයේ
.....
හුස්ම පිඹින ...
ඇඟිලි ඔබන ....
සර්පිනාව සතුට
ගලන
සරාගයෙන් එහෙ මෙහෙ
යන
රාග තාල වතේ අඳින
හී මල් වැල් පස්සේ
දුවන
දෙව්සුව දෙන අතැඟිලි
ලඳ
ඇදුරුතුමිය රාගයේ
.....
ඇස තෙත් වෙන,
සතුට ගලන
ආදරයේ පුංචිම තනු
කණට ලංව මට කොඳුරන....
ප්‍රේමනීය මිහිරි
සරින්
ආදරයත් දුකත් ගයන...
දෙව්සුව දෙන අරුමැසි
ලඳ.....
ඇදුරුතුමිය ජීවිතේ
.....
විශ් | The Dreamer
0 Comments