ඇයි කටුවකින් මේ හැටි පෙම් කවි ලිව්වේ


ආදර මතක වල සැමරුම් හදේ ඇනී

ඉරිලා ගියපු මල් පෙති හදවතක් වෙතී

උතුරා ගලන ආදරයෙන් ඇසම වැසී

නිදි නැති තව රැයක් එලෙසින් පහන් වුණී

 

ඔහු හා නිදන ඔය සයනත වගේ නැතී

සීතල කළුව පොරවන් ගත වෙලා ගනී

හුස්මක් ගානෙ නුඹ වෙනුවෙන් හදේ නැගී

උණු සුසුමන් මා වෙනුවෙන් හුස්ම පිඹී

 

මැරි මැරි උපදිනා එක මොහොතක් ගානේ

ආදරයම විතර මයි අලුයම හිරු වාගේ

එහෙම හදවතක මොළකැටි මල් පෙත්තේ

ඇයි කටුවකින් මේ හැටි පෙම් කවි ලිව්වේ

 

©විශ් | The Dreamer

 

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement