කටුවක් ඇනී හදපතුලේ රිදුමි දිදී
වසර ගණන් දුක් වින්දෙමි දුකින් තැවී
සුවපත් වෙන්න සුමුදු මලක් නොසෙවීමී
ඔබ ආදර නියඟින් පාරා සුවපත් වීමී
ඉසිඹු නිමේෂය සැණෙකින් අඳුරු වුණී
ඔබ ආදර නියඟින් හද විස කැවුනී
ආදර උමතු වෙව්ලන දෑතින් ලියමී
මරණය තෙක් දුක සියොළඟ ඔඩුදිවුනී
©විශ් | The Dreamer
0 Comments