ගිණි වැදී හිත් මලට..
ඝන රෑම එළි කරන්
බුර බුරා නැගෙන ගිණි ....
වහ වහා පෙගෙන්නට ....
පිනුයෙමි.... අනෝරා වැස්සකට....
මතක බිම් දියකරන්....
ගලන ලෝදිය කඳුළු ගංදිය....
සිහිල් පැන් ගෙන නිවාගන්නට ......
පිනුයෙමි... අනෝරා වැස්සකට....
ගුගුරුවා අහස මට...
එළි එවා මා වෙතට ....
කියන්නේ කිමද තොප.....?
“හෙණ වලට බියයි නම්....”
පනිනවාද මම...? අනෝරා වැස්සකට....
ගොරබිරම් පෑවාට .....
මහා වැහි මැව්වාට ....
බැරියාව විතරමයි නේද ...?
එම්බා ... මහා මේඝ අධිපති “වරුණ “...!
කෝ... ඔය ඉතිං නිව්වාද ...?
සිනා මතකය මවා ...
ගිණි මැඩු සීතාව....! ඔබම විත් ....
ඉගැන්වී “ගිණි සිසිල”
දන්නවා නොහැකි බව නිවන්නට ....
පැන්නාට.... අනෝරා වැස්සකට....
ඉදින්.... ඔබ නිසා නිවෙන්නෙමි....
මතක ගිණි දළු ගෙන අතින්..
ආලයෙන් තවන්නෙමි....
ගින්නකින් හාදු දී ...
අනෝරා වැස්සටම ....
උණුහුම බෙදන්නෙමි...
©විශ් | The Dreamer
(ඔබ කළුවරේ මහා වැස්සේ තෙමි තෙමි අඬල තියනවද? දැනිලා නෑ නේද නොපෑහෙන හීතල වතුර බිංදු උණු උණු කඳුළු ගුලි එකිනෙකා ආදරේ බෙදා ගන්න හැටි... ඒ තමයි සොඳුර ආදරේ...)
0 Comments