හඬපු තනි අඳුරු රැයවල් මතකයිද එදා

 


වැහි බර වළාකුළු ඇස් හිස් අහසෙ තියා
හද රැඳි තනිය බර සුසුමක තෙතට ඔතා
පුංචි මතක දුක් තනුවක් සොවින් ගයා
හඬපු තනි අඳුරු රැයවල් මතකයිද එදා

වැටෙන නැඟෙන හැමතැන සෙනෙහසින් බදා
කඳුළු පිසන් ආදර මල් සුවඳ බෙදා
සනසන විටදි හිස සිඹ පපුතුරේ හොවා
වැලි ලා ඇසට ගිය ඔබ අරුමයක් තමා



©විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement